Trending Newsඑසැන පුවත්දේශීය

අල්ලස් සිද්ධියට කොටු වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහෙන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු සැකකරුවන් තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.

අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන මින් පෙර රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළේ අදාළ සැකකරුවන් තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

ඒ අනුව ඔවුන් එළැඹෙන ජූලි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. 

බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් මෙම සැකකරුවන් සන්තකයේ තිබූ බවට අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ පවසා ඇත

Related posts

Wind speed surrounding sea areas to rise – Met. Department

Mohamed Dilsad

කප්රුක සමාගම 2024ට සාපේක්ෂව 94%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Editor O

இலஞ்சம் பெற்ற 6 பேர் கைது

Mohamed Dilsad

Leave a Comment