විදෙස්

මුගාබේ ජනපති ධූරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි

(UTV|සිම්බාබ්වේ)  – සිම්බාබ්වේ නායක රොබට් මුගාබේ ජනපති ධූරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි.

මුගාබේ රුපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ලබන දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත පාලක පකෂ සම්මේලනයේ මුලසුන ගැනීමට ද තමන් සූදානම් බවත්, තමන් තවදුරටත් පක්ෂ නායකත්වයේ ද රැඳී සිටින බවත් ඔහු සජීව රූපවාහිනි සංවාදයකට එක්වෙමන් කියා සිටියේය.

ඊයේ (19) සානු පී. එෆ්. පක්ෂ නායකත්වයෙන් ඔහුව නෙරපා හැරි අතර ඔහුට ජනපති ධූරයෙන් ඉවත්වීම සඳහා පැය 24ක් කාලයක් ලබාදී තිබුණි.

ජනපති ධූරයෙන් ඉවත් නොවන්නේ නම් දෝෂාභියෝගයකට මුහුණ දෙන ලෙස එම පක්ෂය අවධාරණය කළේය.

සිම්බාබ්වේ පාලනය එරට හමුදා යටතට පත්වීමෙන් පසු ව මුගාබේගේ බලය දුර්වල විය.

 

Related posts

ට්විටර් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

Mohamed Dilsad

කෝලිගේ අළුත් ඉනිමේ ඡායාරූප

Mohamed Dilsad

රටවල් කිහිපයකට ඇමෙරිකාවෙන් තහනමක්

Editor O

Leave a Comment