Trending News

දේශපාලණීකරණයෙන් තොරව අධ්‍යාපනය පවත්වාගෙන යා යුතුයි- අගමැති

(උදයම්,බලපිටිය)   –  අධ්‍යාපනය දේශපාලණීකරණයෙන් තොරව පවත්වාගෙන යාම රජයේ මූලික අරමුණ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බලපිටිය, සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යායේ තාක්ෂණ පීඨය විවෘත කිරීම සහ සියවස් සමරු උළෙලට සහභාගී වෙමින්  අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“අප අධ්‍යාපනයේ දැනුම කොළ‍ඹට පමණක් සීමා කරන්නේ නැහැ. පළාත් අතර අධ්‍යාපනයේ තරගයක් නිර්මාණය කළ යුතුයි. එම තරගය නිසා සෙසු පළාත්වලටත් කොළඹ සමග තරග කිරීමට අවස්ථාව ලැබෙනවා. අපේ මූලික අරමුණ වන්නේ අධ්‍යාපනය දේශපාලනීකරණයෙන් තොරව ඉදිරියට ගෙන යාමයි”.

“එදා රොබට් ද සොයිසා මැතිතුමන්ගේ පරමාර්ථය වූයේ එවකට පැවැති යටත් විජිත ක්‍රමය යටතේ දක්‍ෂ සිසු සිසුවියන් පිරිසක් බිහි කිරීමයි. යහපාලන රජයේ අරමුණ වන්නේ ද 2017 රැකියා වෙළෙඳපොළට ගැලපෙන සිසු සිසුවියන් පිරිසක් පාසලෙන් පිට කිරීමයි”.අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

Related posts

மீண்டும் 5 ரூபாவால் அதிகரிக்கப்பட்ட பாணின் விலை

Mohamed Dilsad

Tamil Nadu CM wants fishermen protected from Sri Lanka

Mohamed Dilsad

நாட்டின் பெரும்பாலான பகுதிகளில் பிரதானமாக சீரான வானிலை

Mohamed Dilsad

Leave a Comment