විදෙස්

සෞදියේ ගින්නකින් 11 දෙනෙකු මරුට

(උදයම්,සෞදි අරාබිය)  –  සෞදි අරාබියේ නිවසක හටගත් ගින්නකින් පුද්ගලයෝ 11 දෙනෙක් මියයති.

තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිරිතදිග නජ්රාන් නගරයේ නිවාසයක මෙම ගින්න හටගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එරට සේවය කරන විදෙස් ශ්‍රමිකයන් පිරිසකි.

ඔවුන් එරට රැඳී සිටින බංග්ලාදේශ සහ ඉන්දීය ජාතික ශ්‍රමිකයන් පිරිසක් බව ද වාර්තාවේ.

ගින්න ඇතිවන අවස්ථාවේ ඔවුන් නිදාසිට ඇත. මේ නිසා දුමාරයත් සමග හුස්ම ගැනීමට නොහැකිව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි හෙළිවී ඇත.

ගින්න ඇතිවූ වහාම ගිනිනිවීමේ ඒකක විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

මීටර් 8 ක් ගිලා බැස්ස කාන්තාවක් සොයා මැලේසියාවේ මෙහෙයුමක්

Editor O

යුක්‍රේන ජනාධිපති, චාල්ස් රජු හමුවෙයි

Editor O

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment