Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මීටර් 8 ක් ගිලා බැස්ස කාන්තාවක් සොයා මැලේසියාවේ මෙහෙයුමක්

මැලේසියාවේ, ක්වාලාලම්පූර් හි පදික වේදිකාවක් මත සිටියදී එක්වරම එය පහළට කිඳා බැසිම නිසා අතුරුදහන් වූ ඉන්දියානු කාන්තාව සෙවීමේ සෝදිසි මෙහෙයුම අටවන දිනටත් සිදු කරන බව සඳහන්.

එම කාන්තාව සෙවීමේ මෙහෙයුම් කිරීම අවදානම් වැඩි බවයි බලධාරීන් දැන් පවසන්නේ. මෙම සිද්ධිය මැලේසියාව පුරා විශාල කතා බහක් ඇති කළ අතර 48 හැවිරිදි විජය ලක්ෂ්මි ගාලි නම් මෙම කාන්තාව සෙවීමට ගලවාගැනීම්කරුවන් 110 ක් පමණ පසුගිය සතියේ පැය විසිහතර පුරාම යොදවා තිබුණා.

නමුත් පැය 17ක මූලික සෝදිසියේදී සෙරෙප්පු යුගලක් පමණක් සොයා ගැනීමට හැකිවී ඇති අතර, කාන්තාව පිළිබඳ කිසිඳු හෝඩුවාවක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිට මැලේසියාවට සංචාරයක නිරත වූ විජය ලක්ෂ්මි මහත්මිය සිය පවුලේ අය සමඟ අසල පිහිටි පන්සලක් දෙසට යමින් සිටියදී ජලාන් මස්ජිඩ් වීදියේ දී මෙම මීටර් 8 (අඩි 26) ගැඹුරු ගිලා බැසීමට ලක් වූ බව වාර්තා වනවා.

Related posts

India eases travel advisory to Sri Lanka

Mohamed Dilsad

Sangakkara reaches 1,000 first-class runs for season

Mohamed Dilsad

Qatar Chamber, Sri Lanka review co-operation in employment

Mohamed Dilsad

Leave a Comment