ප්‍රමුඛ පුවත 1

‘සදාකෝකිල ජෝතිගම’ නව උදා ගම්මානයට මුල් ගල තැබේ

(උදයම්,හම්බන්තොට)   –   ජුලි 07දාට යෙදුණු දිවංගත ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල මහතාගේ 30 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඔහුට උපහාර පිණිස හම්බන්තොට සිරිබෝපුර “සදාකෝකිල ජෝතිගම”  නව උදා ගම්මානය ඉදිකිරීම සඳහා ඊයේ (10) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ග්‍රාම ශක්ති නිවාස වැඩපිළිවෙළ යටතේ මෙම නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත රුපියල් 500,000බැගින් නැවත අයකරගනු නොලබන පදනමින් නිවාස ආධාර ලබාදීමට නියමිතය.
නව උදා ගම්මාන වැඩපිළිවෙළ් 424වැනි ගම්මානය වැනි “සදාකෝකිල ජෝතිගම”  නිවාස 39කින් යුක්ත වේ.

Related posts

පුජීත්ට හා හේමසිරිට එරෙහිව නීතිපතිවරයා පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

Mohamed Dilsad

බහුදින ධීවර යාත්‍රා 44ක් ඉන්දීය හා මාලදිවයින් මුහුදු ප්‍රදේශ දෙසට

Mohamed Dilsad

අනිසි බියකින් තොරව දරුවන්ව පාසැල් එවන්න.හමුදාපති ඉල්ලයි(AUDIO)

Mohamed Dilsad

Leave a Comment