ප්‍රමුඛ පුවත 1

විදේශ අමාත්‍යවරයා කටාර් අග්‍රමාත්‍යවරයා මුණගැසෙයි

(උදයම්,කොළඹ)   –  විදේශ අමාත්‍ය  රවි කරුණානායක මහතා සහ කටාර් අග්‍රමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ෂීක් අබ්දුල්ලා බින් නසාර් බින් කලිෆා අල්තානී මහතා අතර සාක්ච්ඡාවක් පැවති බව වාර්තාවේ.

කටාර්හිදී මෙම සාකච්ඡාව පැවැති බව කටාර් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති අතර පොදු ගැටළු පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එමෙන්ම එම ගැටළු නිරාකරණය කර ගැනීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා වල දැක්වේ.
ගල්ෆ් අර්බුදයේ මෑත කාලීන වර්ධනයන් සහ කටාර්යට එරෙහිව අසල්වාසි රටවල් ගෙන ඇති නීතිවිරෝධි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී කටාර් බලධාරින් විදේශ අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Mohamed Dilsad

හෙටින් පසු පළාත් පාලන ආයතන 170ක්

Mohamed Dilsad

ඊලාම් සිතියම සහිත ඇඳුමක් ඇඳි පුද්ගලයෙකු සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment