ප්‍රමුඛ පුවත 1

විදේශ අමාත්‍යවරයා කටාර් අග්‍රමාත්‍යවරයා මුණගැසෙයි

(උදයම්,කොළඹ)   –  විදේශ අමාත්‍ය  රවි කරුණානායක මහතා සහ කටාර් අග්‍රමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ෂීක් අබ්දුල්ලා බින් නසාර් බින් කලිෆා අල්තානී මහතා අතර සාක්ච්ඡාවක් පැවති බව වාර්තාවේ.

කටාර්හිදී මෙම සාකච්ඡාව පැවැති බව කටාර් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති අතර පොදු ගැටළු පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එමෙන්ම එම ගැටළු නිරාකරණය කර ගැනීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා වල දැක්වේ.
ගල්ෆ් අර්බුදයේ මෑත කාලීන වර්ධනයන් සහ කටාර්යට එරෙහිව අසල්වාසි රටවල් ගෙන ඇති නීතිවිරෝධි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී කටාර් බලධාරින් විදේශ අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

Related posts

නිල්වලා පහළ නිම්නයේ ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද සිට

Mohamed Dilsad

කළුතර කෙත්හේන පවිත්‍රාගාරයෙන් නිකුත් කෙරෙන ජලය ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment