විදෙස්

ලන්ඩනයේ යළි ගින්නක්

(උදයම්,ලන්ඩනය)  –  ලන්ඩනයේ , කැම්ඩන් මාකට් නැමති වෙළඳ සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහල් කිහිපයකින් යුත් මෙම වෙළඳ සංකීර්ණයේ පළමු මහල් තුනේ ගින්න පැතිරෙමින් පවතින බවය.

වැඩි වශයෙන් සංචාරකයින් ගැවසෙන ,අලෙවිසැල් 1000 කට අධික ප්‍රමාණයකින් යුත් මෙම වෙළඳ සංකීර්ණය ජනාකීර්ණ බව වාර්තාවේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 70 කට අධික පිරිසක් සහ ගිනි නිවීමේ රථ 10 ක් පමණ යොදවා ඇත.

Related posts

උතුරු කොරියානු නායකයා නිව්යෝක් නුවරට ලඟා වෙයි

Mohamed Dilsad

ජයලලිතාගේ ඥාති දියණියක වන දීපා නව පක්ෂයක් පිහිටුවයි

Mohamed Dilsad

පැපුවා නිව්ගිනියාවේ මිනිස් සංහාරයක්

Mohamed Dilsad

Leave a Comment