ප්‍රමුඛ පුවත 1

ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‍ෂාවීම සදහා ශරීරය ආවරණය වන පාසල් ඇඳුමක්

(උදයම්,කොළඹ)  –  ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‍ෂාවීම සදහා සුදුසු පරිදි ශරීරය ආවරණය වන ඇදුම් ඇදීමට පාසල් සිසුන්ට අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ  පාසල් ශිෂ්‍යාවන් සහ පහළ ශ්‍රේණිවල සිසුන් වැඩි වශයෙන් ඩෙංගු රෝගයට ගොදුරුවී ඇති බව සෞඛ්‍ය අංශ සිදුකළ අධ්‍යයනයකදි හෙළි වී ඇති බවය.

ඒ අනුව පාසල් සිසුවියන්ට ගවුමට අමතරව ශරීරය ආවරණය කර ගැනීමට සුදුසු ඇදුමක් භාවිතා කිරීමට තාවකාලිකව අවස්ථාව සලසා දෙනු ඇත.

පහළ ශ්‍රේණිවල පාසල් සිසුන්ට කොට කලිසම් වෙනුවට දිග කලිසම් ඇදීමටද අවසර ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසීය.

ඊට අදාළ චක‍්‍රලේඛය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවද බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා

Related posts

ලංකාවෙන් පිටතදී සිදුකරන ගෙවීම් සඳහා නව අයබද්දක්

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාව හෙට යළි රැස්වෙයි

Mohamed Dilsad

කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment