විදෙස්

නරේන්ද්‍ර මෝදි අද ඊශ්‍රායලයට

(උදයම්,ඉන්දියාව)  –  ඉතිහාසයේ පළමු වරට ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ඊශ්‍රායලයේ සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අද ඊශ්‍රායලයේ සංචාරය ඇරඹීමට නියමිත බව ඉන්දීය වාර්තා පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැත්වෙන සාකච්ඡාවලදී ත්‍රස්තවාදය වැනි පොදු අභියෝග සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර ඇත.

මේ අතර  පලස්තීනුවන් සමඟ ඉන්දියාවේ සම්බන්ධතාවයට සංචාරයෙන් බාධාවක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

 

Related posts

ආදායම පහළ යාම නිසා රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25% කින් කපයි

Mohamed Dilsad

ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ජපානයට පැමිණෙයි

Mohamed Dilsad

ඩකා නුවර ගින්නකින් 60කට ආසන්න පිරිසක් මරුට

Mohamed Dilsad

Leave a Comment