ප්‍රමුඛ පුවත 1

මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට පෙර පූජාවටත් ලක්ෂ දෙකකට ආසන්න බැතිමතුන් පිරිසක්

(උදයම්,මන්නාරම)  –  ලබන අගෝස්තු මස 15 වනදා පැවත්වෙන මන්නාරම් මඩු දෙවස්ථානයේ වාර්ෂික මංගල්ලයට පෙර පැවත්වෙන පූර්ව දේව මෙහෙය මන්නාරම් රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ හිමිපාණන් ප්‍රධානත්වයෙන් පැවත්වුණී.

සෑම වර්ෂයකම අගෝස්තු මස මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මඩුමංගල්ලය අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරෙන අතර අගොස්තු මස 15 වනදා සිදු කෙරෙන ප්‍රධාන දේව මෙහෙයට පෙර තවත් දේව මෙහෙයක් සිදු කෙරෙන අතර ඊයේ (02) දිනපැවති පූර්ව දේව මෙහෙය සඳහා බැතිමතුන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සහභාගී වූ බවට මඩු දේවස්ථාන කාර්ය මණ්ඩලය සඳහන් කොට සිටියේය.

පූර්ව දේව මෙහෙයට මෙලෙසින් බැතිමතුන් වැඩිම පිරිසක් සහභාගී වූ තවත් අවස්ථාවක් මෙය වන අතර මඩු දෙවස්ථානය වෙනුවෙන් පැමිණි බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය වූ පහසුකම් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මඩු පොලීසිය විසින් සපයා දී තිබුණි.

ඊයේ මඩු දේවස්ථානයේ පැවති දේව මෙහෙයෙන් පසුව මඩු මාතා පිලිරුව මඩු දේවස්ථානය වටා වීදි සංචාරය කල අතර මඩු මාතා පිලිරුව වීදි සංචාරය කරන අවස්ථාවේදී සියලු බැතිමතුන්ගේ බාර හාර මඩු මාතාවන්ට භාර කරනු ලැබේ.

මුඩු දේව මංගල්ලය වෙනුවෙන් උතුරේ කිතුනු බැතිමතුන් සේම පුත්තලම, හාලාවත , මීගමුව ආදි ප්‍රදේශ වලින්ද කිතුනු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/02.jpg”]

Related posts

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට සරත් ෆොන්සේකාගෙන් චෝදනා.

Mohamed Dilsad

අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි

Mohamed Dilsad

අගමැති යළි ජනපති කොමිසමට එයි – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment