ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතීන්ගේ තරුණ කටයුතු නියෝජිතවරිය විදේශ කටයුතු ඇමති හමුවෙයි

(උදයම්,කොළඹ)  – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත් වූ ජයත්මා වික්‍රමනායක මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූවාය.

මෙම හමුව පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශයේ දී සිදු වූ අතර ජයත්මා වික්‍රමනායක මහත්මියට හිමි වූ තනතුර සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කළ රවී කරුණානායක මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් වික්‍රමනායක මහත්මියට පුළුල් කාර්යභාරයක් පැවරී ඇති බවද පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ජයත්මා වික්‍රමනායක මහත්මිය පත්වීම ශ්‍රී ලංකාවට ගෞරවයක් බවද, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන් මහතාද සහභාගී විය.

Related posts

විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් නැවත සේවයට

Mohamed Dilsad

අළුගෝසු තනතුර සඳහා යළි අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

සති අන්තයේ වැටලීම් වලින් කේරල ගංජා 350කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment