Trending News

සයිටම් වෛද්‍යවිද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කැබිනට් මණ්ඩලයට

(උදයම්,කොළඹ)   – සයිටම් වෛද්‍යවිද්‍යාලය  සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද(27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව අදාළ කැබිනට් පත්‍රිකාව අද ඉදිරිපත් කරන බවය.

වැඩ වර්ජනය පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් නොතිබු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උවමනාව මත අදාළ සාකච්ඡාව පැවති බවත් ඒ සඳහා ජනාධිපති කාර්යාලයේ සිටින නිලධාරීන්ට බලපෑම් කරමින් ඊට අදාළ වේලාව වෙන්කරගෙන ඇති බව අමාත්‍යවරයා මෙම නිවේදනයෙන් පෙන්වා දෙයි.

අදාළ හමුවීම නිල නොවන හමුවීමක් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමාට දැනුම් දී ඇති අතර එම සාකච්ඡාවේ  ලිඛිත වාර්තා කිසිවක් ද නොමැති බැවින් ඒ පිළිබද ප්‍රකාශ නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

නමුත් පසුගිය 25 වන දින ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත්තේ සයිටම් ආයතනය පිළිබදව රජයේ ස්ථාවරය වන අතර ඊට අදාළ ප්‍රතිපත්ති මාලාව කැබිනට් පත්‍රිවකාවේ සඳහන් කර ඇති බව අමාත්‍යවරයා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
මේ අතර සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කළ  නිවේදනය පිළිබදව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ ඊයේ(26) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ස්නාදහන් කරයි.

එහිදි අදාළ නිවේදනයේ අඩංගු කරුණු කිහිපයක් සංශෝධනය කිරීමට එකඟ වු අතර එම කරුණු අද(27) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය පැවසීය.

Related posts

Former President says Presidential candidate will be announced at right time

Mohamed Dilsad

Surveyors to commence token strike

Mohamed Dilsad

Sri Lanka to regain access to GSP plus from Friday

Mohamed Dilsad

Leave a Comment