ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසකට වැසි

(උදයම්,කොළඹ)  –  ඌව පළාත සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව කෑගල්ල, රත්නපුර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලට අද දිනයේත් මිලිමීටර් 50ත්, 75ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්වයන්ද ඇතිවිය හැක.

අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු වලක්වා ගන්නා ලෙසද කාලගුණ අංශ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටීයි.

මීට අමතරව පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 සිට 60 දක්වා වැඩිවිය හැක.ඒ අනුව එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනු ඇත.

Related posts

හෙට රැස්වීමට නියමිතව තිබූ එජාප රැස්වීම කල් දමයි

Mohamed Dilsad

මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට අද සිට ගුවන් තොටුපළ යළි විවෘතයි

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට[AUDIO]

Mohamed Dilsad

Leave a Comment