Trending News

බෞද්ධ විරෝධී වැඩසටහන්වලට එරෙහිව ත්‍රෛයිනිකායික සංඝ සභා සියල්ල එකතුවේ

(උදයම්,කොළඹ)  –  බෞද්ධ විරෝධී වැඩසටහන්වලට එරෙහිව ත්‍රෛයිනිකායික සංඝ සභා සියල්ල ඉදිරියේදී එක්ව කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

ඊයේ(23) නිවේදනයක් නිකුත් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

භික්ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීමට ඇතමුන් දරන උත්සහයන් හෙළා දකිමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය  මේ බව සඳහන් කළේය.

රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව රැස්වී ඊයේ(23) සිදු කළ සාකච්ඡාවකින් පසු අදාල නිවේදනය නිකුත් කෙරුණි.

වත්මන් රජය පක්ෂග්‍රාහී ආකාරයෙන් කටයුතු නොකල යුතු බව ද රජයට දැනුම් දීමට එහිදී තීරණය වූ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

H. G. Sumanasinghe appointed Customs Acting DG

Mohamed Dilsad

வில்லியாக நடிக்க ஆசைப்படும் மடோனா

Mohamed Dilsad

Innings win for Kokuvil Hindu

Mohamed Dilsad

Leave a Comment