ප්‍රමුඛ පුවත 1

ජාතික නිවාස දිනය අදයි

(උදයම්,හම්බන්තොට)  –  ජාතික නිවාස දිනය අද (23)යෙදී ඇත. ඒ නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් හම්බන්තොට අද (23) පෙරවරු 10.00ට හම්බන්තොට මානජ්ජාව ග්‍රාමයේ “සඳපහනගම” උදා ගම්මානය ජනතා අයිතියට පැවරීම සහ නව “සෙවණ” ලොතරැයිය ජනගත කිරීම සිදුකෙරේ.
අක්කර හතර හමාරක භූමියක ඉදි කළ මෙම 30වන උදා ගම්මානය වන අතර නව නිවාස 26කින් සමන්විතය.
ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුට ම නිවසක් හිමි කර දීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සාර්ථක කරගැනීම උදෙසා වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන ජාතික නිවාස සංවර්ධන වැඩසටහන වඩාත් ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීමට හා ඒ සඳහා වැඩි ජන සහභාගිත්වයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන්, මෙරට සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහන මුලින්ම ආරම්භ වුණු දිනය වන ජුනි මස 23 වන දින 2015 වසරේ සිට ‘ජාතික නිවාස දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කෙරිණි.

Related posts

මහගමගේ ගාමිණී මහතා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

වැල්ලම්පිටිය තඹ කම්හලේ කරුපයියා රාජේන්ද්‍රන් යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

සියළුම මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙති

Mohamed Dilsad

Leave a Comment