Trending News

ගුරු හිගය පියවීම සදහා ප‍්‍රතිපත්තිමය තීන්දුවක් – ජනපති

(උදයම්,කොළඹ)  – ගුරු හිගය පියවීම සදහා ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹිමේ සහ ගුරු මාරුවලදී ස්වාධීන ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ පළාත් ප‍්‍රධාන අමාතවරුන් සමග අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.පසුගියදා පැවති 33 වන ප‍්‍රධාන අමාත්‍ය සමුළුවේදී සාකච්ජාවට බදුන් වූ ගැටලූ සදහා විසදුම් ලබා ගැනීමේ අරමුණින් සියලූ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු මෙන්ම මධ්‍යම රජයේ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව සිදු විය.

පළාත් වශයෙන් පවතින ගුරු හිගයට විසදුම් ලබාදීම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක් වූ අතර උපාධිධාරී ගුරුවරුන් බදවා ගැනීමේ ක‍්‍රමවේදය පිළිබදව ද ජනාධිපතිවරයා කරුණු විමසීය. නියමිත පරිදි සෑම වසරකම අයදුම්පත් කැදවා අදාළ විභාග පවත්වමින් පරිපාලන සේවයට නවකයින් බදවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු ඇතුළු අනෙකුත් අඩුපාඩු පිළිබදව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.පළාත් පාලන ආයතනවල නිලධාරින් කොළඹ පැවැත්වෙන රැස්වීම් සදහා කැදවිමේදී ඒ සදහා නිශ්චිත දිනයක් වෙන් කර ගැනීම මෙන්ම ඉදිරියේදී කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීම පිළිබදව ද සාකච්ජාවට ලක්විය.

අදාළ පළාත් සභා මගින් කි‍්‍රයාත්මක කර තිබෙන සංවර්ධන වැඩසටහන් සහ වෙනත් සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායීව කි‍්‍රයාත්මක කිරීම පිළිබදව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක් වූ අතර එහිදී මධ්‍යම රජය සහ පළාත් සභා අතර මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.පළාත් සභා සදහා ලබාදීමට නියමිත ප‍්‍රතිපාදන සියයට සීයක්ම ලබාදීමට මේ වසරේදී කටයුතු කිරීම පිළිබද මෙහිදී උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත සිය ස්තූතියි පිරිනැමීය.

අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, මංගල සමරවීර, රාජිත සේනාරත්න, ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ද, සියලූ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ද මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ලේකම්වරු මෙම හමුවට එක්ව සිටියහ.

Related posts

නිරෝධායනය නිම වී තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

ரஷ்ய வௌிவிவகார அமைச்சர் இலங்கைக்கு

Mohamed Dilsad

Global Quality Expert to lead Sri Lanka Consumer Protection

Mohamed Dilsad

Leave a Comment