ප්‍රමුඛ පුවත 1

දුම්රියකට ගල් ප්‍රහාරයක් රියදුරු රෝහලේ

මල්ලාකම් උප දුම්රියපොළ ආසන්නයේදී දුම්රියකට එල්ල වූ ගල් ප්‍රහාරයකින් දුම්රිය රියදුරෙකු තුවාල ලබයි.

කන්කසන්තුරය සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බව අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

එහිදී තුවාල ලැබූ දුම්රිය රියදුරු ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසියට  පැමිණිලි කර ඇති අතර ගල් ප්‍රහාරය එල්ල කල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

පහළ වායුගෝලයේ කැළඹීමක්

Mohamed Dilsad

විල්පත්තුවේ විශාල වන විනාශයක් සිදු වන කතාවේ සත්‍යතාවයක් නෑ.පරිසර සංගම් කියයි

Mohamed Dilsad

විශේෂ ත්‍රිපුද්ගල දෙවන මහාධිකරණයේ විනිසුරු මඩුල්ල මෙන්න

Mohamed Dilsad

Leave a Comment