ප්‍රමුඛ පුවත 1

මංතීරු නීතිය යටතේ රියදුරන් 4765කට නීතිමය පියවර

(උදයම්,කොළඹ)  –  පසුගිය දිනවල කොළඹ නගරය ආශ්‍රිත ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි සිදුකළ රියදුරන් 4765කට නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

පසුගිය දොළොස් වන දින සිට පහළොස් වන දින දක්වා කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කරනු ලැබිණි.

එහිදී වැරදි මංතීරු වල රථ ධාවනය කළ රියදුරන් සඳහා දඩ පත්‍රිකා නිකුත් කර ඇති අතර රථ වාහන පොලීසිය මගින් සති අන්තයේ පවත්වන උපදෙස් පංති සඳහා ද අදාළ රියදුරන්ට සහභාගී වීමට සිදුවන බව සඳහන්ය.

මෙම මංතීරු නීතිය ඉදිරියේදී ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය පවසයි.

මං තීරු නීතිය ක්‍රියාත්මක කිරීම මගින් බලාපොරොත්තු වන්නේ කොළඹ නගරය තුළ රථ වාහන තදබදය අවම කරගැනීම බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියි.

Related posts

අත් බෝම්බ ප්‍රහාරයකි පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

අගමැති අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට සුදානම්

Mohamed Dilsad

බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් අදියරේ

Mohamed Dilsad

Leave a Comment