ව්‍යාපාරික

රටපුරා සිදුවන සංවර්ධන කාර්යයන්හි සියයට 99.8 ක ප්‍රගතියක්

(උදයම්,කොළඹ)  –  අති විශාල මුදලක් ඉදිකිරීම් සඳහා වියදම් කරමින් රටපුරා සිදුවන සංවර්ධන කාර්යයන්හි සියයට 99.8 ක ප්‍රගතියක් ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී රජයේ තාක්ෂණ නිලධාරීන් පුහුණු කිරීම සඳහා ඉන්සී සිමෙන්ති සමාගම සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.

රට පුරා දැවැන්ත සංවර්ධන ක්‍රියාවක් සිදුවන අතර දිවයින පුරා ඇති ග්‍රාම නිලධාරී වසම් 14,022 ක විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වන බවත් පසුගිය වසරේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිදුකරන ව්‍යාපෘතීන්වලින් මුදල් රුපියලක්වත් ආපසු නොයන ආකාරයේ ප්‍රගතියක් දක්නට ලැබුණු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණ නිලධාරීන්ගේ හිඟයක් තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් අදාළ වාර්තා හා අධීක්ෂණ කටයුතු වෙනුවෙන් දැනට සිටින තාක්ෂණ නිලධාරීන් ඉතා කැපවීමෙන් තම සේවය ඉටු කළ බව ද සඳහන් කළේය.

මෙම තාක්ෂණ නිලධාරීන් සඳහා නව තාක්ෂණ පුහුණුව ලබාදීමෙන් වඩාත් කාර්යක්ෂම සේවයක් ලබාගැනීමට හැකි වන බවත් ඒ සඳහා මෙම සමාගම ඉදිරිපත් වීමද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් කළේය.

Related posts

බොරතෙල් මිලේ වෙනසක්

Editor O

ඩොලරය නැවතත් ඉහළට

Mohamed Dilsad

තේ නිෂ්පාදනයේ පහළ යාමක්

Mohamed Dilsad

Leave a Comment