Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

චිකන්ගුන්යා රෝග ලක්ෂණ සහිත පිරිසක් හඳුනාගැනේ.

චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හමුවී ඇතැයි, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් රෝහල් වෙත ගොස් අවශ්‍ය ප්‍රතිකාර ගන්නා ලෙසද ඔහු ඉල්ලීමක් සිදුකර තිබේ. ඩෙංගු රෝගය බෝ කරන මදුරුවා විසින්ම චිකුන්ගුන්යා රෝගය බෝ කරන අතර එම නිසා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අතිශ්‍ය වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

Related posts

Postal voting from tomorrow to Nov. 7

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 21 ක්

Mohamed Dilsad

ඩිජිටල් ගනුදෙනු පිළිබඳ මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment