විදෙස්

අබු බකාර් අල් බග්ඩාඩි මියගියේ ද යන්න තහවුරු කර ගැනීමට විමර්ශණයක්

(උදයම්,රුසියාව)  –  රුසියාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සිරියාවේදී IS සංවිධානයේ නායක අබු බකාර් අල් බග්ඩාඩි මියගියේ ද යන්න තහවුරු කර ගැනීමට විමර්ශණයක් ආරම්භ කර ඇති රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

පසුගිය මැයි 28 වනදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අයි එස් නායකයා මියයන්නට ඇති බවට රුසියාව විශ්වාසය පළ කරයි.

මෙම  විමර්ශනයට අදාළව උතුරු සිරියාවේ අයි එස් බලකොටුවකදී එහි සාමාජිකයන් හමුවීමට ද නියමිතයි.

IS නායකයා මියගිය බවට මීට පෙර වාර්තා රැසක් පළවී තිබුණි.

මේ අතර  අමරිකානු ඒකාබද්ධ හමුදා ඉරාකයේ මෝසුල් නුවර අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ඔහු මෝසුල් නුවර සිටි බවටයි අනාවරණ වී තිබුනේ.

Related posts

වියට්නාමයේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

පලස්තීන ජනාධිපතිගෙන් ට්‍රම්ප්ට චෝදනා

Mohamed Dilsad

මුකේෂ් අම්බානි ඝාතනය කිරීමට සැලසුම් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment