ප්‍රමුඛ පුවත 1

ඇමති මංගල ස්වීඩන් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

(උදයම්,කොළඹ ) – විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ස්වීඩනයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉසබෙලා ලොවින් මහත්මිය හමුවී සාකච්ඡා පවත්වයි.

ස්වීඩනයේ නිල සංචාරයක නිරත වන මංගල සමරවීර මහතා සොෆියා ඇල්බටීනා මාලිගයේදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය හමුවී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.

මෙහිදී දෙපාර්ශවය අතර දේශගුණික විපර්යාස හා ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ස්වීඩන් විදේශ කටයුතු අමාත්‍ය මාගෝට් වෝල්ස්ටෝන් මැතිනියද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

සංහිඳියාව හා සංවර්ධනය පිලිබඳව මෙන්ම දෙරට අතර ද්වී පාර්ශවික සබඳතා ශක්තිමක් කරගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අතර කරුණු හුවමාරු කරගත් බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබාදීම සඳහා වූ යුරෝපා කොමිෂන් සභාවේ යෝජනාව පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඊට අමතරව ස්වීඩන් පාර්ලිමේන්තුවේ කථානායක අර්බන් අග්ලින් මහතාද හමුවී විදේශ කටයුකු අමාත්‍ය මංගල සමරවීර මහතා සකච්ඡා පවත්වා තිබේ.

අනතුරුව විදේශ කටයුතු අමාත්‍යවරයාට ස්වීඩන් පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව හිමිවී ඇති අතර එහිදී එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟද සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්ය.

 

Related posts

ගුවන්තොටුපල සහ වරාය කටයුතු අඩාලවීමේ අවධානමක්

Mohamed Dilsad

පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම් වලින් ව්‍යාපාරිකයින් 49කට නඩු…

Mohamed Dilsad

බිම් බෝම්බ ඉවත් කිරිමට ජපන් රජය රුපියල් මිලියන 90ක්

Mohamed Dilsad

Leave a Comment