Trending News

අමාත්‍යාංශ කිහිපයක විෂයන් ගැසට් කරයි

(උදයම්,කොළඹ)  –  විදේශ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කාර්ය භාර යන අමාත්‍යාංශවල විෂයන් ගැසට් කරයි.

ඒ අනුව මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රක්ෂණ මණ්ඩලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 33ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබේ.

ඊට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ඇතුළු ආයතන 5ක් ගැසට් කර ඇත්තේ විදේශ අමාත්‍යාංශය යටතේය.

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මීට පෙර මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය.

මේ අතර ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මිනුම්පති දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන අටක් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇත.

එසේම  සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහ ව්‍යාපෘති කළමනාකරන හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන 3 ක් ගැසට් කර ඇත්තේ නව අමාත්‍යාංශයක් වන සංවර්ධන කාර්යභාර අමාත්‍යාශය යටතේය.

මීට පෙර සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහ ව්‍යාපෘති කළමනාකරන හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරුණි.

Related posts

Jimmy Carter in hospital for brain procedure

Mohamed Dilsad

சாதாரண தரப் பரீட்சையின் விடைத்தாள் மதிப்பீட்டு பணிகள் இன்று ஆரம்பம்

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයේ පැමිණිලි සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙයි.

Editor O

Leave a Comment