Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයේ පැමිණිලි සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක්, මැතිවරණ කොමිෂන් සභාවේදී අද (22) එළිදැක්වින.

විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළව EC EDR නම් ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, “මහජනතාවට පැමිණිල්ලක් තිබෙනවා නම් දැන් හැකියාව තිබෙනවා මේ ඇප් එක හරහා එය ඉදිරිපත් කරන්න. පැමිණිල්ල කරපු පුද්ගලයාටත් දැනගත්ත පුළුවන්  එයාගේ පැමිණිල්ලට මොකද වුණේ කියලා. මේ ඇප් එක හරහා වීඩියෝ, ඡායාරූප තොරතුරු ලබාදීමේ හැකියාවත් තිබෙනවා.”

Related posts

தொடருந்தில் மோதி ஒருவர் பலி

Mohamed Dilsad

ගුවන් යානා තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ජේලර් කාලිංග රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment