ප්‍රමුඛ පුවත 1

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ කිසිදු සංවිධානයකට සම්බන්ධ නෑ – ඝෝටාභය රාජපක්ෂ

(උදයම්,කොළඹ)  –  ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ කිසිදු සංවිධානයකට සම්බන්ධයක් නොමැති බව ඝෝටාභය රාජපක්ෂ මහතා පවසයි.

සිය ෆේස් බුක් ගිණුමේ මේ බව සඳහන් කර තිබේ.

එහි මෙසේ දැක්වේ.

“වගකීම් විරහිත ලෙස අසත්‍ය ප්‍රවෘත්ති මවමින් ප්‍රචාරය කරන වෙබ් අඩවියක් හරහා මා, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ බොදු බල සේනා සංවිධානය සම්බන්ධ කරමින් මුස්ලිම් වෙළඳ ආයතනවලට පහරදීමක් පිළිබඳව සම්පුර්ණ අසත්‍යක් නිර්මාණය කොට පළකිරීමේ පහත් නින්දිත ක්‍රියාව තදින් හෙලා දකින අතර එවන් සිද්ධීන් හා එම සංවිධාන සමග මාගේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව මා තරයේ ප්‍රකාශ කරමි.

එම සිදුවීම් හරහා දේශපාලන වශයෙන් කුමන්ත්‍රණ සහ චරිත ඝාතනයන් කරමින් ජාතීන් අතර අසමගිය ඇතිකරන මේ නරුම අවස්ථාවාදය බුද්ධිමත්ව තේරුම් ගෙන සිංහල, දෙමළ, මුස්ලිම් අපි සැමදෙනාම එක්ව එය පරාජය කිරීම අද අත්‍යවශය කරුණක් බවට පත්ව ඇති බව නැවතත් මතක් කරමි.”

Related posts

ජනපති – විපක්‍ෂ නායක සමඟ සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

මාරවිලදී යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

ගිගුරුම් සහිත වැසි තවදුරටත්[VIDEO]

Mohamed Dilsad

Leave a Comment