ප්‍රමුඛ පුවත 1

දිවයිනේ පළාත් කිහිපයකට කඩින් කඩ වැසි

(උදයම්,කොළඹ)  – දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලවැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු පළාතෙත් වැසි ටිකක් බලාපොරොත්තු වේ.

සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුවැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

පොළොන්නරුව ,ත්‍රිකුණාමලය ,මඩකලපුව, මාතලේසහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇති විය හැක.

වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් වර්ජනයක

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

Mohamed Dilsad

අනවසරයෙන් මැණික් ගැරූ පස්දෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment