ප්‍රමුඛ පුවත 1

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයට වෙනත් විකල්ප දිනයක්

(උදයම්,කොළඹ)  – පැවති අපදා තත්වය හේතුවෙන් දැනට පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සඳහා ඉරිපත්වීමට නොහැකිවූ අපේක්‍ෂකයන් සඳහා වෙනත් විකල්ප දිනයක් ලබාදීමට කොරියානු මානව සම්පත් අංශය තීරණය කර තිබේ.

ඊට අදාළව ඉදිරිපත් කළ යුතු අයදුම්පත‍්‍රය ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ පළකර ඇති බවත්, විභාග අපේක්‍ෂිතයන් විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත‍්‍රය ආධාරක ලේඛනද සමග ලබන 12 වැනිදාට ප්‍රථම ආසන්නතම විදේශ සේවා කාර්යාංශයේ මධ්‍යස්ථානයට භාරදිය හැකි බව එම අමාත්‍යාංශය පවසයි.

එසේම  එම අයදුම්පත්‍රය අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයට නියමිත දිනට ඉදිරිපත් වීමට නොහැකි වූ බවට ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා හෝ සමාදාන විනිශ්චයකාරවරයෙකුගෙන් ලබාගන්නා තහවුරු ලිපියක් මගින් සහතික කිරීම අනිවාර්ය බව එම අමාත්‍යාංශය  වැඩි දුරටත් පවසයි.

Related posts

ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට

Mohamed Dilsad

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය අද වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment