ප්‍රමුඛ පුවත 1

විපතට පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා රටවල් 24 සහාය

(උදයම්,කොළඹ)    –   ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා රටවල් 24 ක් මේ වනවිටත් සහනාධාර සහ මූල්‍යාධාර ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඊයේ පස්වරුවේ රටවල් 134 ක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමග විශේෂ සකච්ඡාවක් පැවැත්වුණි.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ජපානය, චීනය, ඉන්දියාව සහ රුසියාව ඇතුලූ  රටවල් රැසක් මෙලෙස සහනාධාර සහ මූල්‍යාධාර ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග ශක්තිමත් කිරීම සඳහා සහය ලබාදෙන බවට ඔවුන් සහතික වූ බවද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළේය.

Related posts

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙයි

Mohamed Dilsad

බස් සංගම් විරෝධයට කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය

Mohamed Dilsad

කොරෝනා වැළදුණු බවට සැක කාන්තාවන් දෙදෙනා ගැන තවදුරටත් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment