ප්‍රමුඛ පුවත 1

බස් සංගම් විරෝධයට කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය

(UTV| කොළඹ) – දිනපතා පොදු ප්‍රවාහන බස් රථ සේවා භාවිතාකරන ලක්ෂ ගනනක් වූ බස් රථ මගීන් වෙනුවෙන් පෙනී සිටින එකම සංගමය වන‘කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය’ සුවපහසු සහ ගුණාත්මක බස් මගී ප්‍රවාහන සේවාවක් දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

ඊයේ (15) පැවතී මෙම සංගම් සම්න්ධිකරණ කමිටු සාකච්ඡාවේ දී කැබිනට් මණ්ඩලයේ දී අනුමත වූ 6.56%ක බස් ගාස්තු වැඩිවීම කෙරෙහි අවධානය යොමු විය.

එහිදී සම්බන්ධිකරණ කමිටුවේ අදහස වුයේ එම  බස් ගාස්තු ඉහල දැමීමට එකඟ විය හැකි අතර බස් සේවාව තව දුරටත් ගුණාත්මක කිරීම වෙනුවෙන් රජය ඉක්මන් අවධානයක් යොමු කල යුතු බවයි.

එසේම බස් රථ හිමියන්ගේ සංගම් ඉල්ලා සිටින ආකාරයේ 10%ක හෝ 20%ක ගාස්තු ඉහල දැමීමකට මෙම සංගමය කිසිසෙත් ම එකඟ නොවන අතර අවම ගාස්තුව රුපියල් 15ක් දක්වා ඉහල දැමීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බවද ඔවුන් පවසයි.

මේ නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට බස් හිමියන්ගේ සංගම් විසින් සිදුකිරීමට නියමිත වර්ජනය සඳහා ඔවුන් විරෝධය පල කරයි.

ලක්ෂ ගණනක් වූ බස් රථ මගීන්ගේ විරෝධයට පිටුපාමින් රජය විසින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ගාස්තු ඉහල දැමීම සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීන්දු රැසක් ගැනීමටද කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගම සුදානමින් සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක්

Mohamed Dilsad

ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර නෑ

Mohamed Dilsad

අද සිට ජාතික කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment