ප්‍රමුඛ පුවත 1

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙයි

(උදයම්,යාපනය)   –  උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දෙදෙනෙකු අද(29)  දිවුරුම්දීමට නියමිතය.

අද පෙරවරුවේ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ නව අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ.

මේ වන විට පුරප්පාඩු වී ඇති පළාත් සභා අමාත්‍යධූර දෙකක් සඳහා නව අමත්‍යවරුන් පත් එන තුරු එම අමාත්‍යධූරවල තාවකාලිකව වැඩ ආවරණය කිරීම සඳහා පසුගිය 21 වන දින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා දිවුරුම් දෙනු ලැබීය.

මෙම නව අමාත්‍යවරුන් දිවුරුම්දීමත් සමඟ ප්‍රධාන අමාත්‍යවරයාගේ විෂය පථයන්හිද වෙනස්කම් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්දි ශෂිදරන් සහ කේ.සර්වේෂ්වරන් යන අයට නව අමාත්‍යධුර පිරිනැමීමට නියමිත බව වාර්තාවේ.

Related posts

හෙට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අය

Mohamed Dilsad

ලංකා ඛනිජතෙල් සේවය අගයමින් සේවකයින්ට ජනපති අතින් රන් තිළිණ

Mohamed Dilsad

රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී දෙදෙනෙකු මරුට – දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment