Trending News

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්

(උදයම්,කොළඹ)   –  නායයෑමෙන් හා ජල ගැල්මෙන් විපතට පත් ජනතාවගේ ජීවිත යතා තත්වයට පත් වන තුරු අඛණ්ඩව සහන සේවා සළසන ලෙස ත්‍රෛනිකායික මහා නාහිමිවරු ඉල්ලීමක් කරති.

එම මහා නාහිමිවරුන්ගේ අත්සන් වලින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන්  පෙන්වාදෙන්නේ මෙම ස්වභාවික ව්‍යසනය නිසා රටට අහිමි වූයේ රටට වැඩදායී අහිංසක මිනිසුන් බවය.

මල්වතු මහාවිහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක අති ජූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන, අමරපුර මහා නිකායේ මහ නායක අති පූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි හිමිගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඇති වූ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් ජීවිත මෙන්ම දේපළ අහිමිවූ සහ පීඩාවට පත් සියලුදෙනා කෙරෙහි උන්වහන්සේ සිය සංවේගය පළ කර සිටිති.

විපතට පත්වූවන්ගේ ජීවිත යළි යථා තත්වයට පත් කරගැනීමට කළ යුතු සහ කළ හැකි සහන සේවා සත්කාර ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට පියවර ගත යුතු බව මහනාහිමිවරුන් පෙන්වා දෙයි.

විශේෂයෙන් පොසොන් පොහාය මුල්කොට විහාරස්ථාන මගින් සිදුකරන අතිරේක සැරසිලි සහ උත්සව වලට වැය වන මුදලින් කොටසක් මෙම පීඩාවට පත් ජනතාව සඳහා පරිත්‍යාග කිරීමට පියවර ගැනීම වඩාත් සුදුසු බව මහානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

Sri Lanka to introduce new Inland Revenue Act to attract investment

Mohamed Dilsad

சற்றுமுன் வெள்ளவத்தையில் வெடிப்புச் சம்பவம்…

Mohamed Dilsad

Kincade fire: Emergency declared across California as fires rage – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment