පුංචි කාලේ අපි කිව්වේ අඟුරු කකා කොළඹ දුවන යකඩ යකා කියලා. නමුත් දැන් අපේ පොඩිවුන්ට කියන්න වෙන්නෙ ගල්අඟුරුවලින් හොරා කකා බර පටවන කයිය යකා’’ කියලා යැයි නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ ගල්අඟුරු ටෙන්ඩර ගනුදෙනුව පිළිබද අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවගංශ මහතා සදහන් කර තිබේ.
කොළඹදි ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එතුමා මේ පිළිබද අදහස් දක්වා තිබේ.
වීරවංශ මහතා මෙසේද කීවේය.
” නොරොච්චෝලේ විදුලිබලාගාරයට වුවමනා කරන ගල්අඟුරු හදිසි මිලදී ගැනීම්වලට යායුතුයි කියලා ඔවුන් තීරණය කරනවා. මීට කලින් නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ටෙන්ඩරය කැඳව්වේ අප්‍රේල් මාසයේදි. 2025 අප්‍රේල් මාසයේදි 2025 වෙනකල් මේක ප්‍රමාද කළා. ඒ වගේම හදිසි මිලදී ගැනීම් කියන එක දූෂණයට අතවැනීමක් කියලා මීට කලින් මේ අයම පාරම් බෑවා. අවාසනාවට දැන් ඒ දූෂණයට අතවනන හදිසි මිලදී ගැනීම්වලට තමයි කැබිනට් මණ්ඩලය අනුමැතිය දිලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ටෙන්ඩරය දැමීම හිතා මතා ප්‍රමාද කළේ ඇයි? මිලියනයකට වඩා ගල්අඟුරු ගේන්න ඕන එක ලක්ෂයකට අඩු කළේ ඇයි? දැනට ගල්අඟුරු නැව් තුනක් ගෙනත් තියෙනවා.තව නැව් තිස්අටක් ගේන්න තියෙනවා. මේවා ප්‍රමිතියෙන් බාල ගල්අඟුරු කියලා අනාවරණය වෙලා තියෙනවා. අප්‍රේල් මාසයේ මුල මැද වෙනකොට වාරකං කාලය ආරම්භ වෙනවා. එතකොට විදුලිබලය නිෂ්පාදනයට අවශ්‍ය ගල්අඟුරු ගොඩබාලා තිබියි යුතුයි. නමුත් මේ ඇවිල්ලා තියෙනෙ ගල්අඟුරු බාල ගල්අඟුරු කියලා ආණ්ඩුවට පිළිගන්න සිද්ධ වෙලා ඉවරයි. මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා .
මේ ගල්අඟුරු ගැන වාර්තාවක් මාධ්‍යයට හෝ කිසිදු පාර්ශවයකට දෙන්න එපා කියලා. බාල ගල්අඟුරු ටෙන්ඩරය හොරා කෑවා. හොරා කලා, ඒ පාඩුව පියවගන්න බැරුව ඉන්නවා. දැන් හදිසි මිලදී ගැනීම්වලට ගිහිල්ලා හොරා කන්න සූදානම් වෙලා ඉන්නවා. දැන් ලෑස්ති වෙනවා විදුලිබල මණ්ඩලයේ මිළඟ කාර්තුව වෙනකොට සියයට විස්සට වැඩි විදුලිය මිලදී ගැනීමකට අනුමැතිය ලබා ගන්න. මේ බාල ගල්අඟුරු පාවිච්චිය නිසා නොරොච්චෝලේ අක්‍රිය වෙන්න පුළුවන්.
මේ විදිහට නොරොච්චෝලේ ලක්විජය බලාගාරය අක්‍රිය වුණොත් මේ රටේ විදුලිය විසන්ධි කිරීමක් සිද්ධ වෙන්නෙ නැද්ද? විසන්ධි කිරීමක් සිද්ධ නොවුණොත් මොකද්ද වෙන්නේ? ඒ ගන්න තියෙන විදුලිය ප්‍රමාණයෙන් මහා පංගුව ඩීසල් විදුලි බලාගාර මාෆියාවෙන් ගන්න වෙන්නේ නැද්ද? ඒකෙ බර දාන්නෙත් පාරිභෝගිකයාට. ඉදිරි මාස තුන තීරණාත්මකයි. මේ මාස තුන ඇතුළත එක්කො විදුලිය කප්පාදුවක් වෙනවා, නැත්නම් අධික මිලකට ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගන්න වෙනවා. ,,
