Trending Newsඑසැන පුවත්දේශීය

බස් ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාවක්

ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද, ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද (01) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, එළඹෙන ජූලි මාසයට පෙර බස් ගාස්තු ඉහළ දැමීමට අවශ්‍ය වන බවයි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ධාවනය අපහසු වී ඇති බව පෙන්වා දුන් ඔහු, මීට පෙර ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 2-3ක් ධාවනය කළ හැකිව තිබූ නමුත් දැන් එය කිලෝමීටර් 2කටත් අඩුවී ඇති බව කීවා.

අධික මාර්ග තදබදය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවත්, ඒ නිසා අවම බස් ගාස්තුව රුපියල් 5-6කින් වැඩි කිරීමට සිදුවන බවත් ඔහු අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගැමුණු විජේරත්න මෙසේ පැවසීය:

“මෙතන ලොකු ගැටලුවක් තියෙනවා කඩිනමින් බස් ගාස්තු වැඩි කරන්න අපිට බොහෝ දුරට ඉල්ලීමක් කරන්න වෙනවා. මොකද ලබන ජුලී මාසේ වෙන්න ඉස්සෙල්ලා අපිට ඉල්ලීමක් කරන්න වෙනවා ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට අවශයයි කියලා. හේතුව තමයි ලංකාවේ ධාවනය කරන්නේ කෙටි ගමන් සේවා බස් රථ. ලංකාවේ 13,000- 14,000ක බස් රථ බල ඇණියක් තියනවා ලංකාවේ. සාමාන්‍යයෙන් 6,000- 7,000ක වැඩිපුර බස් රථ. දැන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ගමනාගමනය කරන්න හැකියාවක් නැහැ.

Related posts

සීමා නීර්ණ කමිටුවක් අලුතින් පත් කිරීමට අනුමැතිය

Editor O

தேசிய கனிஷ்ட மெய்வாண்மை விளையாட்டு விழாவில் அனிட்டா ஜெயதீஸ்வரன் சாதனை

Mohamed Dilsad

President, former President mourns death of veteran Indian politician Karunanidhi

Mohamed Dilsad

Leave a Comment