Trending Newsඑසැන පුවත්දේශීය

සීමා නීර්ණ කමිටුවක් අලුතින් පත් කිරීමට අනුමැතිය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරී වසම් පිහිටුවීම සහ ප්‍රතිශෝධනය කිරීම සඳහා 2012 වර්ෂයේදී සීමා නිර්ණය කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවේ ඇතැම් නිර්දේශ පමණක් ක්‍රියාත්මක කිරීම පිණිස පියවර ගනු ලැබ ඇත.

ඉන් අනතුරුව, 2021 වර්ෂයේදී නැවත සීමා නිර්ණය කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.

එකී කමිටු වාර්තාවේ නිර්දේශ අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත ඉදිරිපත් කර එම කමිටු වල නිර්දේශ ලබා ගැනීමටත්, එකී නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම සඳහාත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

பாராளுமன்றத்தை கலைப்பது தொடர்பிலான வர்த்தமானி அறிவித்தலின் இடைக்கால தடை நீடிப்பு

Mohamed Dilsad

நான் மனிதனாக மாறியதற்கு காரணம் அவரே

Mohamed Dilsad

Wind speed to increase up to 60 kmph in North

Mohamed Dilsad

Leave a Comment