Trending Newsඑසැන පුවත්දේශීය

උනාකූරුවේ ශාන්තගේ ගෝලයෙක් අලුත්ගම දුම්රිය ස්ථානය අසළ දී, අයිස් සමග අත්අඩංගුවට

අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සොයා ⁣ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියටි.

දකුණු පළාත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උනාකූරුවේ ශාන්ත නැමැත්තා විසින් අලුත්ගම හා වැලිපැන්න ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් මත කළුතර අපරාධ කොට්ඨාසය වැටලීම කර ඇත. .

එහිදී ඔහු සන්තකයේ තිබී මෙම ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරු මෙම අයිස් මත්ද්‍රව්‍ය වෙනත් පුද්ගලයෙකුට ලබා දීමට මෙම ස්ථානයේ සිටින්නට ඇති බවට සැක කෙරෙන අතර අත්අඩංගුවට ගත් මෙම සැකකරු අවුරුදු 22ක් වූ ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය කියයි. මෙම සැකකරු . . උනාකූරුවේ ශාන්ත නැමැත්තා සමග සමීප සබඳතා ගොඩනගා ගෙන ඇති බවද අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. .

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළේය. .

Related posts

Wahlberg leads dog tale “Arthur the King”

Mohamed Dilsad

பெண்ணின் வயிற்றில் 19.5Kg நிறையுள்ள கட்டி – வெற்றிகரமாக அகற்றி சாதனை

Mohamed Dilsad

IDH රෝහලට දින 10ක් තුළ නිම කල ගොඩනැගිලි දෙකක්

Mohamed Dilsad

Leave a Comment