Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබේ. 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, පැමිණෙන ඕනෑම අවදානම් තත්ත්වයක් පාලනය කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සුදානමින් සිටින බවත් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය නිරන්තරයෙන් තොරතුරු හා උපදෙස් යාවත්කාලින කරනු ඇති බවත් ය.

හදිසි අවස්ථාවක ඇතිවන මිසයිල ප්‍රහාර පිළිබඳව සෑම ස්මාර්ට් ජංගම දුරකථනයකටම තොරතුරු ලැබෙන අතර සයිරන් හඬ නිකුත් වුවහොත් තමා  ආසන්නයේ ඇති ආරක්ෂක කුටියක රැකවරණ ලබා ගත හැකි බවත් එහි දැක්වෙයි. 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද (31) පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා තානාපති කාර්යාලය විවෘතව තැබෙන බවත් මෙම කාලය තුළ සාමාන්‍ය රාජකාරි සිදු කරගත හැකි බවත්ය. 

Related posts

Sri Lanka Coast Guard apprehends boat carrying illegal migrants in Northern waters

Mohamed Dilsad

Minneriya National Park Reopened

Mohamed Dilsad

வில்பத்து விவகாரம்: ஜனாதிபதி ஆணைக்குழுவின் அறிக்கை வெளியிடப்பட வேண்டும் அமைச்சர் ரிசாட் வலியுறுத்து…

Mohamed Dilsad

Leave a Comment