Trending Newsඑසැන පුවත්දේශීය

රජිත හිරාන් (පිං පොං) ට පොහොට්ටුවේ ආසන සංවිධායක ධූරයක් ලැබුණාද…? | විස්තරේ මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) කැස්බෑව ආසන සංවිධායක ධුරය ජනප්‍රිය රංගන ශිල්පී රජිත හිරාන් (පිං පොං) මහතාට පත් කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පක්ෂයේ කැස්බෑව ආසන ප්‍රධාන සංවිධායක අජිත් නාරගල මහතා පවසයි.

මෙම ප්‍රවෘත්තිය පැතිරීමට හේතු වූයේ ඊයේ (ජනවාරි 29) දින පිළියන්දල පිහිටි පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකදී රජිත හිරාන් මහතා ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී වී අමුත්තන්ගේ පොතේ සටහන් තැබූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වීමයි.

එම ඡායාරූපය සමඟ එකතු කරමින් ඇතැමුන්ට ව්‍යාජ ප්‍රවෘත්තිය පළ කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නාරගල මහතා,

“ කැස්බෑව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්‍යාලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.01.29 දින විවෘත කරන ලදී.

මේ උත්සවයට සහභාගී වීම සදහා දේදේශපාලකයින් මෙන්ම කලාකරුවන් සහ විද්වතුන් රැසක් ද සහභාගී වූහ. මෙහිදී අනෙක් කලාකරුවන් මෙන්ම රජිත හිරාන් මහතා (පිං පොං)ද අමුත්තන්ගේ පොතේ සිය සටහන තබද්දී ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වනු නිරීක්ෂණය කළෙමි.

තවද එහිදී  කැස්බෑව ආසන සංවිධායක ලෙස රජිත හිරාන් මහතා (පිං පොං) පත්කර ඇති බවට සාවද්‍ය ප්‍රවෘත්තියක්ද පළවී තිබෙනු නිරීක්ෂණය විය. මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ, අසත්‍ය ප්‍රවෘත්තියකි.

මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීම ගැන තමා අතිශය කණගාටුවන බවත් මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවන, ශක්තිය ලබාදෙන  කලාකරුවන්,මෙන්ම ජනප්‍රිය පුද්ගලයින් අධෛර්යට පත්කිරීමට ගන්නා ලද පහත් උත්සාහයක් ලෙස මා දකිමි.”

Related posts

යුද්ධ හමුදාධිපති සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර හමුවක්

Mohamed Dilsad

Disney star Cameron Boyce dies at 20

Mohamed Dilsad

උසස් පෙළ ප්‍ර‍තිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment