Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට පියවර නොගත්තැයි, ශානි අබේසේකරට එරෙහිව නඩු දාන්න සාක්ෂි නැහැ – නීතිපති

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහිව පියවර නොගත් බවට චෝදනා කරමින්, රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ට එරෙහිව ගොනු කර තිබූ පැමිණිලි සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සම්පත් බණ්ඩාර යන මහත්වරුන් අධිකරණයට දන්වා සිටියේ අබේසේකර අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. 

එමෙන්ම, රහස් පොලිසිය විසින් පවත්වන ලද විමර්ශනවලට අනුව ඔහුට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ද නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ ශානි අබේසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් මෙහිදී සලකා බලන ලදී. 

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ලට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත..

කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දුන් බැවින්, ඊට අදාළව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ද ඉල්ලා අස්කර ගැනීමට අබේසේකර කටයුතු කළේය.

Related posts

හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

“SRK’s son AbRam is a poser” – Karan Johar

Mohamed Dilsad

School vacations to commence from Aug. 03

Mohamed Dilsad

Leave a Comment