Trending Newsඑසැන පුවත්දේශීය

යාපනයේ සුළිපුරම් හමුදා කඳවුර ඉවත් කරයි

යාපනයේ සුළිපුරම් ප්‍රදේශයේ වසර 31 ක් තිස්සේ පවත්වා ගෙන ගිය විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. එම පරිශ්‍රය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ට ඊයේ (24) බාර දී ඇත.

එම කදවුරේ සිටි හමුදාභට පිරිස් සංගානෙයි යුද හමුදා කදවුර වෙත වාර්තා කොට ඇති බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි. හමුදාව විසින් ඉදි කර තිබූ ස්ථිර ගොඩනැගිලි කීපයක් හා තාවකාලික ගොඩනැගිලි කීපයක්ම ඉවත් නොකොට ඉඩම් පමණක් බාරදී ඇති බව සඳහන්. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට බාර දී ඇත.

ඉඩම් බලපත්‍ර හා පිඹුරුපත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනතාව, එම ඉඩම්වල යළි පදිංචි කරවීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව සඳහන්.

Related posts

63 Al Houthis killed on Nehim front in Sana’a

Mohamed Dilsad

ETI பணிப்பாளர் சபைக்கு நீதிமன்றத்தால் அழைப்பாணை

Mohamed Dilsad

සුළි කුණාටුවෙන් 374,000කගේ රැකියා අහිමි වෙලා

Editor O

Leave a Comment