Trending Newsඑසැන පුවත්දේශීය

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා රිමාන්ඩ් | පොලිස් නිලධාරි⁣යෙකුගේ වැඩ තහනම්

කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරියකුගේ වැඩතහනම් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම පියතුමන් ගම්පහ, උඩුගම්පොළ සිට කිරිඳිවිට දෙසට යතුරුපැදියකින් ඊයේ (24) රාත්‍රියේ ගමන් කරමින් සිටියදී ඇතිවූ යම් සැකයක් මත පොලිස් නිලධාරීන් ඔහුට යතුරුපැදිය නවත්වන ලෙස සංඥා කර තිබේ.

නමුත් ඊට අවනත නොවී පියතුමන් කිලෝමීටර් එකහාමාරක් පමණ යතුරුපැදිය ඉදිරියට ධාවනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේ නිලධාරීන් පිරිස පියතුමන් හඹාගොස් යතුරුපැදිය නවත්වා ඇති බවත් එහිදී බහින්බස්වීමක් සමඟ පහරදීමක් සිදුවූ බවත් පවසමින් පියතුමන් රෝහල්ගතවී ඇත.

පියතුමා ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත්,  ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා හෙට (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස .ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Related posts

சில இடங்களில் 75 மி.மீ அளவான பலத்த மழைவீழ்ச்சி

Mohamed Dilsad

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

Editor O

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment