Trending Newsඑසැන පුවත්දේශීය

විගණකාධිපතිවරයා පත්කිරීම ආණ්ඩුව දිගින් දිගටම පමා කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ සියල්ල පුස්සක් කරමින් මේ වනවිට විගණකාධිපතිවරයකු පත්නොකර සිටීමට හිතාමතාම කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (24) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මන්ත්‍රීවරයා මෙසේද කීවේය. “විගණකාධිපතිවරයා පත්කිරීම ආණ්ඩුව දිගින් දිගටම පමා කරගෙන යනවා. මේ ආණ්ඩුව බලයට එන්න කලින් රාජ්‍ය සේවය ගැන කතා කරපු දේවල්, විගණනය ගැන කතා කරපු දේවල්, විනිවිදභාවය ගැන කතා කරපු දේවල්, ඒ සියලු දේවල් අද වනවිට ජනාධිපතිතුමා අමතක කරලා විගණකාධිපතිවරයා පත්කිරීම ඉතාම ඕනෑකමින්ම ආණ්ඩුව මඟහරිනවා කියන එක දැන් අපිට ඉතාම පැහැදිලියි. මොකද 2025 ඉඳන් මේ ආණ්ඩුවේ අමාත්‍යාංශ, සංස්ථා මේ විගණනයට කරන්න සිද්ධ වෙනවා. ඒ හින්දා අපට පේන්න තිබෙනවා ආණ්ඩුව උත්සාහ කරනවා තමන්ගෙ හිතවතෙක් ගෙනල්ලා මේ විගණකාධිපතිවරයා හැටියට පත්කරන්න. ජනාධිපතිතුමා යෝජනා කරපු සියලු අය ප්‍රතික්ෂේප වුණා. එහෙම ප්‍රතික්ෂේප වුණේ සුදුසුකම් තියෙන අය, මේ විෂය පථය ගැන දන්න අය නෙවෙයි ජනාධිපතිතුමා යෝජනා කළේ. නමුත් අපි දන්නවා විගණකාධිපති කාර්යාලයේම ඉන්නවා අවුරුදු 30ක අත්දැකීම්, පළපුරුද්ද තියෙන අය ඉන්නවා. නමුත් ඒ නම යෝජනා කරන්නෙ නැහැ. ඒකට පිටින් ඒගොල්ලන්ට හිතවත් අය යෝජනා කරලා හිතාමතාම විගණකාධිපතිවරයා පත්කිරීම පමා කිරීම තුළ විශාල අර්බුදයක් මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ විගණනය සම්බන්ධයෙන් ඇතිවෙලා තිබෙනවා. දැනටමත් කෝප් කමිටුව රැස්වෙන්නෙ නෑ, කෝපා කමිටුව රැස්වෙන්නෙ නෑ, මේ වගේ අර්බුද රාශියක් ඇතිවෙලා තිබෙනවා. අද වෙනකොට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට විශාල උත්සාහයක් ජනාධිපතිතුමා මේ තුළ දරනවා කියන එක අපිට පැහැදිලිව පේන්න තිබෙනවා” යැයි ද කීවේය.

Related posts

අද ඉන්ධන මිලෙහි සංශෝදනය

Mohamed Dilsad

Nato alliance experiencing brain death, says Macron

Mohamed Dilsad

நாடு கடத்தப்பட்ட மேலும் இருவர்…

Mohamed Dilsad

Leave a Comment