Trending Newsඑසැන පුවත්දේශීය

පුමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලි නිෂ්පාදනය අඩුවෙයි….?

මෙරටට ගෙන්වන ලද තෙවන ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව බරපතල ලෙස පහත වැටී ඇති බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා ප්‍රකාශ කරයි..

දත්ත වාර්තා උපුටා දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ගල්අඟුරු බලාගාර ත්‍රිත්වයම ක්‍රියාත්මක වන විට මෙගාවොට් 810ක ජනනයක් සිදුවිය යුතු වුවත්, මෙම බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් දැනට ජනනය කළ හැක්කේ මෙගාවොට් 710ක උපරිම ධාරිතාවක් පමණක් බවයි.

මේ හේතුවෙන් අහිමි වන මෙගාවොට් 100ක විදුලි ධාරිතාව පිරවීම සඳහා අධික පිරිවැයක් දරමින් ඛනිජ තෙල් භාවිතා කරමින් විදුලිය නිපදවීමට සිදුවන බව ආචාර්ය රලපනාව මහතා සඳහන් කරයි. දිවා කාලයේදී වහල මත සවිකළ සූර්ය පැනල පද්ධති මඟින් ජනනය වන විදුලිය හේතුවෙන් විදුලිබල මණ්ඩලය යම් සහනයක් ලැබුවද, වැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයා මෙම අමතර පිරිවැය දැරිය යුත්තේ ඇයිද යන්න ඔහු ප්‍රශ්න කරයි.

නව විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳවද අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, නව විදුලි උත්පාදන සමාගම පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රමාවීම විදුලිබල මණ්ඩලයේ වාසනාවට සිදුවූවක් බවයි. යම් හෙයකින් එම සමාගම දැනටමත් ක්‍රියාත්මක වූයේ නම්, මෙවැනි අකාර්යක්ෂම මිලදී ගැනීම් සහ පාඩු ලැබීම් හමුවේ පළමු වසර තුළදීම එය බංකොලොත් වීමට ඉඩ තිබූ බව හෙතෙම අවධාරණය කරයි.

මෙම තත්ත්වය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, අත්තනෝමතික හා දුර්වල ප්‍රසම්පාදන පිළිවෙත් හේතුවෙන් සිදුවන මෙම අලාභය සම්බන්ධයෙන් බලධාරීන් වහාම වගවිය යුතු බවත් ආචාර්ය විදුර රලපනාව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි

.

Related posts

கொழும்பு – கண்டி பிரதான வீதியில் பாரிய போக்குவரத்து நெரிசல்

Mohamed Dilsad

Sun overhead Sri Lanka today – Met. Department

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජනාධිපති, ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි.

Editor O

Leave a Comment