Trending Newsඑසැන පුවත්දේශීය

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකට, විපක්ෂ නායකගෙන් අවසන් ගෞරව

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා අතිශය කණගාටුවට සහ ශෝකයට පත් වන බවත් අප රටේ දේශපාලන ක්ෂේත්‍රයේ පෙරලිකාර චරිතයක් ලෙස එතුමා ජනතා සේවාව වෙනුවෙන් කටයුතු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. .

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (19) එසේ ප්‍රකාශ කළේය.

නන්දන ගුණතිලක මහතාගේ දේහය ඉදිරිපිට දේශපාලනය කතා කිරීම සුදුසු නොවන බවත් අප සියලු දෙනාම කටයුතු කළ යුත්තේ ජීවිත බේරා ගැනීමට බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. .

එතුමාට ප්‍රතිකාර කළ සියලුම වෛද්‍යවරුන්ට තමා ස්තුතිවන්ත වන බවත් කවුරු කුමන තරාතිරමක දේශපාලන පක්ෂයක අයකු වුවත් කුමන කතාවක් කිව්වත් මිනිස් ජිවිත වටිනා බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට කණ්ඩායම් 690ක් නාම යෝජනා බාර දෙයි.

Editor O

“இலங்கையின் வாய்ப்பான சூழலை பங்களாதேஷ் முதலீட்டாளர்கள் பயன்படுத்திக்கொள்ள வேண்டும்”

Mohamed Dilsad

Sri Lanka confident of high tourist arrivals despite travel advisories

Mohamed Dilsad

Leave a Comment