Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් දරුවන්ගේ දිවා ආහාර මුදල් අවභාවිතා කළ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්..? | සැමියා මාලිමාවේ ක්‍රියාකාරිකයෙක් – ලංකා ගුරු සංගමය

පාසල් දරුවන්ගේ දිවා ආහාරය වෙනුවෙන් වෙන් කළ මුදල් අවභාවිත කරමින් තම සැමියාගේ උපන්දින සාදය පැවැත්වූ බවට එල්ල වූ චෝදනාවලට මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක වරදකරු වී ඇති බව උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා තහවුරු කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කරුණු අනාවරණය කරමින් කියා සිටියේ, අදාළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවතින අතරතුරදීම මෙම විදුහල්පතිනිය අධ්‍යාපන පරිපාලන සේවයට උසස්වීමක්ද ලබාගෙන ඇති බවයි.

2022 වසරේ රජයේ තීරණයකට අනුව පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලක් සඳහා එක් අයෙකුට රුපියල් 100 බැගින් වෙන් කර තිබුණි. මැදිරිගිරිය ප්‍රදේශයේ පිහිටි මෙම ප්‍රාථමික පාසලේ සිසුන් 720 දෙනෙකුට දිවා ආහාරය සැපයීමට වෙන් කළ රුපියල් 72,000 ක මුදලක් මෙලෙස වංචා කර ඇති බවට මවුපියන් විසින් පළාත් අධ්‍යාපන කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පාසලට දිවා ආහාර සපයන පුද්ගලයා ලවාම විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දින සාදය වෙනුවෙන් කිරිබත් සහ කැවිලි වර්ග සාදවාගෙන ඇති බවයි. ඒ සඳහා දරුවන්ගේ එක් දිනක ආහාර මුදල සම්පූර්ණයෙන්ම යොදවා තිබේ.

ගුරු සංගමය චෝදනා කරන්නේ මෙම වංචාව සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ඇය අධ්‍යාපන පරිපාලන නිලධාරිනියක ලෙස උසස්වීම් ලබා ඇති බවයි. 

එම පත්වීම් ලිපිය ඇය විසින් ලබාගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අතින් බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, අදාළ විදුහල්පතිනියගේ සැමියා ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයෙකු බවත්, එවැනි පසුබිමක් තුළ විමර්ශන පවතිද්දී උසස්වීම් ලබාදීම බරපතළ ගැටලුවක් බවත්ය. 

මේ වන විට ඇයට එල්ල වූ දුෂණ චෝදනා හයක් විමර්ශනවලින් සනාථ වී ඇති බව උතුරු මැද පළාත් බලධාරීන් තහවුරු කර ඇත.

Related posts

ඉන්ධන මිල බැස්සුවොත් ආහාර මිලත් බස්සනවා

Mohamed Dilsad

பாராளுமன்ற வீதிக்கு பூட்டு

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදු නොවේ

Mohamed Dilsad

Leave a Comment