Trending Newsඑසැන පුවත්දේශීය

හෙලිකොප්ටරයෙන් යන්නේ ජනාධිපති අනුර දිසානායක ද?

ජනාධිපති අනුර දිසානායක මහතා යාපනයේ සිදුකළ සංචාරය සඳහා ගුවනින් යෑම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.

නිදහස් මාධ්‍යවේදියෙකු වන රාම් ක්‍රීෂ් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.

පසුගිය ආණ්ඩුවල ජනාධිපතිවරුන් සහභාගී වූ උත්සව සම්බන්ධයෙන් ද මෙවැනිම විවේචන එල්ල වූ බව පෙන්වා දෙන ඔහු, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර “රාජ්‍ය අරමුදල් නාස්ති නොකරන බවට” ලබාදුන් පොරොන්දුව මෙහිදී සිහිපත් කර තිබේ. 

විශේෂයෙන්ම අභ්‍යන්තර සංචාර සඳහා ගුවන් ගමන් භාවිත නොකරන බවට ප්‍රකාශ කර තිබියදී, මෙම සංචාරය සඳහා වූ පිරිවැය දරා ඇත්තේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරයා සහභාගී වූ යාපනයේ සියලු උත්සව රාජ්‍ය උත්සව බව පිළිගන්නා අතරම, මෙම සංචාරය සහ උත්සව සඳහා වැය කළේ කාගේ මුදල්ද? උත්සව සංවිධානය කළ රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා පුද්ගලික අංශයේ අනුග්‍රාහකත්වයන් (Corporate Sponsorships) ලබාගත්තේද? යයි මතු විමසා සිටී.

කෙසේ වෙතත්, අවසාන වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බව තමන් පිළිගන්නා නමුත්, ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් මෙම විමසීම සිදුකරන බවයි.

Related posts

ஏ.ஆர்.ரகுமானுடன் இணையும் சிவகார்த்திகேயன்

Mohamed Dilsad

UN Chief relieved at resolution of Sri Lanka’s political crisis

Mohamed Dilsad

වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ හමුදා මේජර් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment