දේශීය

වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ හමුදා මේජර් අත්අඩංගුවට

(UTV | පොළන්නරුව) – මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බවට පැවසෙන සිදුවීමකට අදාළ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණ භාරවිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, අද (01) උදෑසන හබරණ පොලීසියට භාර වූ ඔහු කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.

පසුගිය 23 වනදා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරි කටයුතුවල නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බවට වනජිවි නිලධාරින් විසින් එම යුද හමුදා මේජර් ජෙනරාල්වරයාට චෝදනා කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින්ම හබරණ පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්

Editor O

කතරගම දේවාලයට නව බස්නායක නිළමේවරයෙක්

Mohamed Dilsad

ත්‍රීරෝද රථ මීටර් සවි කිරීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment