Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති ලාල්කාන්ත කළ නින්දිත ප්‍රකාශය වහා ඉල්ලා අස්කර ගන්න – ජාතික සංඝ සම්මේලනය

මහා සංඝරත්නයට නින්දිත හා පහත් ආකාරයෙන් අපහාසාත්මක ප්‍රකාශ කළ ලාල්කාන්ත අමාත්‍යවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවරක් නොගන්නේ නම් එහි අනිටු විපාක වලට නුදුරේදීම මුහුණ දීමට සිදුවනු ඇති බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමි⁣යෝ පවසති.

දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය අතර විවිධ මත ගැටුම් ඇති වූවද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහාස සිදුකර නොමැති බවය.

මහනුවර මඩවල ජනමංගලාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ජාතික සංඝ සම්මේලයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියෝ අද (12) එසේ ප්‍රකාශ කළහ.

“රට කාබාසීනියා කරන කූඨ උපක්‍රම න්‍යාය

කසකැවෙනවානම් ඒවාට අභියෝගකරන්න අයිතිය අපිට අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ ඉදලම මහා සංඝරත්නය ඒ වෙනුවෙන් කතා කළා ඉතින් අපි දැක්කා ලාල්කාන්ත මහතා කැළේ සත්තුවගේ එළියට ඇවිල්ලා වනචාරී පහත් තුච්ච ප්‍රකාශයක් සිදුකළා. අපි ඒ ඇමතිවරයාට කියන්න ඕනේ කරුණාකරලා ඔබගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න ඕනේ. මන්දයත් එහෙම නොවුනොත් හේ රට කොටි පැත්තට යන්නේ කියලා අපිට හිතාගන්න බැහැ. කරුණාකරලා අපි කියනවා ජනාධිපතිතුමෙනි මෙයා ඉක්මනින්ම බැඳලා දැම්මේ නැති වුණොත් එහෙම මේ රට මීට වැඩිය අනතුරකට පත්වෙනවා ඒක වළක්වාගන්න කිසිකෙනෙක්ට බැහැ. කරුණාකරලා ඔබතුමාලා මේ සංස්කෘතිය ඇතුළේ වෙනස් වුණේ නැති වුනොත් එහෙම මේ රටේ ජනතාව ඉතා ඉක්මනට ප්‍රතිචාර දක්වයි කියලා.” 
යැයිද ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළහ.

Related posts

Over 800,000 people served by Suwa Seriya Ambulance Service

Mohamed Dilsad

Trump impeachment: Second whistleblower emerges

Mohamed Dilsad

හිජාබය මඟහරින කාන්තාවන් සොයන ඉරාන රජය

Mohamed Dilsad

Leave a Comment