දේශීය

හිජාබය මඟහරින කාන්තාවන් සොයන ඉරාන රජය

නිසි ලෙස හිස ආවරණය කර නොසිටින කාන්තාවන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීම සඳහා පොදු ස්ථානවල කැමරා සවිකිරීමට ඉරාන රජය තීරණය කර තිබේ.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉරාන පොලීසිය නිවේදනය කළේ, හිස ආවරණය කිරීම රටේ නීතිය බවත්, නීතිය කඩකරන ඕනෑම අයෙකු හෝ සමූහ ක්‍රියාකාරකමක් නොඉවසන බවය.

 

නිසි ලෙස හිස් ආවරණ නොපැළඳ සිටි බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් මාහ්සා අමීනි නම් තරුණිය සදාචාර පොලිස් අත්අඩංගුවේදී මියගියේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.

 

ඒ සමඟ සදාචාර පොලිසියට එරෙහිව රටපුරා විරෝධතා ආරම්භ වූ අතර එරට පාලනයට එරෙහිව වූ දැවැන්තම මහජන විරෝධය ලෙස එය ඉතිහාසයට එක්වේ.

 

මේ වනවිට විරෝධතා පාලනය වී ඇති අතර, කාන්තාවන් සම්බන්ධ නීති දැඩි කිරීමට රජය මැදිහත්ව ඇත්තේ ඒ අනුවය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 100 දක්වා ඉහලට

Mohamed Dilsad

මෛත්‍රීපාලට නොතීසි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියාට ඡන්දය දෙන්න – හිටපු ඇමැති ජීවන් තොණ්ඩ­මන්

Editor O

Leave a Comment